now

INTERNET MONEY-මම දන්න විදිහට

අවුරුදු ගානක ඉඳලා මගෙ හිතේ තිබුනා internet එකෙන් සල්ලි හොයන්න  පොඩි ට්‍රයි පාරක් දාල බලන්න.අපේ ගෙදර internet connection එකක් තිබුනේ නැති කාලේ මම mobile phone එකෙන් පවා search කලේ මේ ගැන.අද කාලේ මේවට පන්ති හිටන් තියෙනවා,ඒවගේ බර ගනන් අයකරන්නේ.අපිට මොන පන්තිද කියලා තනියම internet එක පුරා හෙව්වා. කොහොම හරි හොයලා හොයලා සාර්ථකයි කියලා කියන්න පුලුවන් ක්‍රමයක් ගැන විශ්වාසයක් ඇති උනා..කාටත් තේරෙන විදිහටම ලියන්නම්..හැබැයි මේක තමා ලේසිම ක්‍රමය කියලා කියන්නෙත් නැහැ.හරි කලාව අල්ලගත්තොත් මාසෙකට සෑහෙන ගානක් හොයාගත්තහැකි.සෑහෙන ගානක් කිව්වේ තුන්දාහක් හාරදාහක් උනත් එහෙම හොයන ලංකවෙ අය මම දැකලත් තියෙනවා..
 ඒ තමයි buxSite වලින් ඇඩ් click කරලා කීයක් හරි එකතු කරගන්න එක.  අපිට කරන්න තියෙන්නේ buxsite එකක රෙජිස්ටර් වෙලා දවස ගානේ එයාලා අපිට දෙන add click කරන එකසාමාන්‍යයෙන් එක add එකකට රුපියල් දෙකක් වගේ හම්බෙනවා.ඒ සල්ලි එයාලගේ site එකේ තියෙන අපේ ගිනුමට එකතු වෙනවා. ඩොලර් විදිහට තමයි එකතු වෙන්නේ. අපිට මේ මුදල ගන්න පුලුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඩොලර් 2ක් වගේ එකතු උනාම..හැබැයි එයාලා දවසකට සීමිත adds ගානක් තමයි දෙන්නේ.මේ තියෙන්නේ ඒ වගේ click කරන්න තියෙන add එකක්..



අපිට දවසකට ලැබෙන adds ගාන වැඩි කරගන්න පුලුවන්.හැබැයි මේකට යම් මුදලක් ගෙවන්න වෙනවා.අපේ           බාසාවෙන් කිවුවොත් account එක upgrade කරනවා.එක click එකකට ලැබෙන මුදලත් මේ upgrade එකත් එක්කම වැඩි වෙනවා.අපි add click කරලා ලබාගන්න මුදලෙන්ම මේක කරන්නත් පුලුවන්.ඒක ඉතින් එක දවසින් නම් කරන්න බැහැ.හෙමින් හෙමින් තමයි දියුනු වෙන්න ඕනෙ.
       අපිට ලැබෙන ආදායම වැඩි කරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි referrals ලා එකතු කරගන්න එක.අපි මේ BUXSITES වල ලියාපදින්චි උනාම අපිට ලැබෙනවා referrals වෙබ් ලිපිනයක් උදාහරණයක් විදිහට ගත්තොත් මේ එක් referrals ලිපිනයක් (මගේ එක-hehe) http://www.onbux.com/?rh=c75f0a41a125de0f19f5ede85beccefc  .ඒ හරහා මේ buxsite එකේ register වෙන අය click කරන adds ගානටත් අපිට යම් මුදලක් ලැබෙනවා.. මේ ක්‍රමේ ඉස්සෙල්ලා ක්‍රමේට වඩා ලේසියි මුදලක් වියදම් වෙන්නෙත් නැහැ.ඒත් යම් වෙහෙසක් දරන්න වෙනවා.මොකද අපේ referrals ලිපිනය අපිට ප්‍රචාරය කරන්න වෙන නිසා.මෙක හරියට අපි යාලුවෙක්ට invite කරනව වගේ දෙයක්.අපි buxsite එකට තවත් member කෙනෙක් ගෙනාවහම ඒකට ලැබෙන reward එක තමයි අපිට ලැබෙන අමතර මුදල.අපට  referrals ලා මුදල් ගෙවලා උනත් ගන්න පුලුවන්.හැබැයි මේ වෙබ් අඩවි වල නීති රීති නම් ටිකක් තදයි.එක් අයෙකුට එක account එකකට වඩා හදන්න නම් බැහැ අවංක බව ඉතා වැදගත්..ඒ වගේම ඉවසීමත් තියෙන්න ඕන.මොකද අපි එකපාර සල්ලි හම්බකරන්නනේ බලගෙන ඉන්නේ.එකපාරනම් මේ ක්‍රමෙන් සල්ලි හම්බකරන්නනම් බැහැ.ටිකෙන් ටික තමයි දියුනු වෙන්න ඕන.පහලින් තියෙන්නේ ඒ වගේ buxsites කීපයක්..මම දන්න විදිහට වන්චාවන් කරන buxsites (PTC sites-pay to click sites) තියෙනවා.(වෙලාවට මුදල් බැර කරන්නෙ නැහැ,මුදල් නොගෙවාම ඉන්න අවස්ථා වගේ) ඒත් මේ පහලින් දක්වලා තියෙන ඒවානම් විශ්වාසදායකයි මෙතනින් ඒක තහවුරු කරගන්න පුලුවන්.http://ptc-investigation.com/Paid.aspx.








Clicksia



           කොහොමද මේ මුදල අපි ගන්නේ.ඒකට paypal හරි alert-pay  හරි ගිනුමක් තියෙන්න ඕන.pay-pal,alert-pay කියන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් මුදල් හුවමාරු කරන විශ්වාසදායී ක්‍රමයක්. මේ ගැන ගොඩාක් අය දන්නවා ඇති. මේ විදියට තමයි ලොකේ පුරා ඉන්ටෙර්නෙට් එකෙන් ව්‍යාපාර කෙරෙන්නේ.කෙලින්ම credit card වලින් ගනු දෙනු කරනවාට වඩා මේ ක්‍රමය ගොඩක් ආරක්ෂිතයි..මේ හරහා අපේ ලංකාවේ තියෙන අපේ බැංකු ගිනුමකට සල්ලි බැර කරගන්න පුළුවන්,එහෙමත් නැතිනම් අපේ credit card එකක් මෙ ගිනුමට link කරගෙන ඒකට මුදල් එන විදිහට හදා ගන්නත් පුළුවන්.එහෙමත් නැත්නම් ගෙදරටම cheque එකක් විදිහට ගෙන්නගන්නත් පුලුවන්.හැබැයි පොඩි අවුලක් තියෙනවා,ලංකවේ address වලට paypal එකෙන් මුදල් එවීමේ පහසුකම තවම සපයා නැහැ.ඒක නිසා alert pay ගිනුමක් හදා ගන්නම වෙනවා.ඒක තමා ලේසිම ක්‍රමය..මෙහිදී වෙන්නේ අපේ bux site account එකේ තියෙන මුදල් කෙලින්ම අපට එවන්නේ නැතිව alert-pay ඔස්සේ අපේ අතට ලැබෙන එක.මේක වටයක් වගේ දැනුනට ඒක තමයි ලේසිම ක්‍රමය.මොකද එකම කෙනා හැම වැඩක්ම බාර අරගෙන කරන්න ගියොත් වෙනදේ දන්නවනේ.එක වැඩක්වත් හරියට කරගන්න බැරිව යනවා. alert pay එකට ලින්ක් එක මම ඉහලින් දීලා ඇති.

                      මේ හැම දෙයක්ම මම තනියම හොයාගත්තු දේවල්.මේ වගේ ලිපි ගොඩාක් කියවලයි මේ ලිපිය ලිවුවේ.ඉතින් මම අරාධනා කරනවා මට වැරදුනු තැන් තියෙනවනම් මාව දැනුවත් කරන්න කියලා.ඒ වගේම මේක මගේ සින්හලෙන් ලියපු පලවෙනි ලිපිය.නොතෙරුනු යම් දෙයක් තියෙනවනම් ඒ ගැනත් කියන්න.. මේ ගැන යමක් දැනගන්න තියෙනවානම් maduranga.r0kz@gmail.com කියන E-MAIL ලිපිනයට E-MAIL එකක් දාන්න.නිකමට වගේ මෙක කරලා බලයි කියලා හිතෙනවා..උත්සාහයක් හරි කරලා බලන්න අත්දැකීම උනත් වැදගත්නේ...යම් දෙයක් ඉගෙනගත්තා හරි වෙනවනේ..මගේ නම් මේක ජොබ් එක කරගන්න අදහසක් නැහැ.මහා ලොකු ගානක් මම හම්බ කරලත් නැහැ..මේ ගැන දන්න අයත් ඇති.නොදන්න කෙනෙක්ට දැනගන්න සහ ආත්ම තෘප්තිය උදෙසායි මෙහෙම ලිව්වේ.මේ ගැන වැඩි විස්තර ඕන කෙනෙක්ට වැදගත් වෙබ් ලිපින වගයක් තියෙනවා ඕනනම් දෙන්නම්...
                  

No comments:

Post a Comment